අක්ෂර මාලාව හා එහි ප්‍රභේද

 අක්ෂර මාලාව හා එහි ප්‍රභේද


ස්වර අක්ෂර 


01. ස්වර (පණකුරු) :- 
සිංහල අක්ෂර මාලාව තුළ ස්වර අක්ෂර ගණන 18 යි. 
අන්‍ය ශබ්දයන්ගේ උපකාරයකින් තොරව තනිවම උච්චාරණය කළ හැකි අක්ෂර ස්වර හෙවත් සර අක්ෂර නමින් හැදින්වේ. 
 



02.කෙටි ස්වර

අ   ඇ   ඉ   උ   ඍ   ඏ   එ   ඔ 

ක03 කෙටි 

03. දීර්ඝ ස්වර

ආ   ඈ   ඊ   ඌ  ඎ   ඏෟ   ඒ  ඕ

04. සංයුක්ත  ස්වර


ඓ   ඖ

05. සන්ධ්‍යක්ෂර(මිශ්‍ර ස්වර) 

සන්ධ්‍යක්ෂර යනු ස්වර සන්ධි වීමෙන් සෑදෙන අක්ෂර යි. 

එ   ඔ  ඓ   
  • අ+ඉ=එ
  • එ+අ=
  • අ+උ=ඔ
  • ඔ+අ=

06.නම්‍ය ස්වර

අ   උ   ඔ

07.අනම්‍ය ස්වර

ඇ  ඉ  එ

 08.ඒකජ ස්වර

එක් උත්පත්ති ස්ථානයකින් උපදින ස්වර ඒකජ ස්වර වේ. 


අ   ආ   ඉ   ඊ   උ   ඌ  සෘ  සෲ   ඏ   ඏෟ

09.ද්විජ ස්වර

ස්ථාන දෙකකින් උපදින ස්වර ද්විජ ස්වර වේ. 

ඇ   ඈ   එ   ඒ   ඔ   ඕ   
 
ව්‍යඤජන අක්ෂර
  තනිව උච්චාරණය කළ නොහැකි උච්චාරණය කිරීමට ස්වරයන්ගේ සහාය ලබා ගත යුතු අක්ෂර ව්‍යඤජන අක්ෂර නම් වේ. 



01.වර්ගාක්ෂර

"ක"යන්නේ සිට "ම"යන්න දක්වා ඇති අක්ෂර 25 වර්ගාක්ෂරයි. 
ක වර්ගය - ක  ඛ ග ඝ  ඞ
ච වර්ගය -  ච  ඡ  ජ  ඣ ඤ
ට වර්ගය -  ට  ඨ  ඩ  ඪ ණ
ත වර්ගය -  ත  ථ  ද  ධ න
ප වර්ගය  -  ප  ඵ  බ  භ ම

02.ඌෂ්මාක්ෂර

උච්චාරණයට සම්බන්ධ ඉන්ද්‍රිය ස්පර්ශ වී උණුසුම් වායු ධාරාවක් පිටවන බැවින් ඌෂ්මාක්ෂර ලෙස හැදින්වේ. 
ශ  ෂ  ස (අ):

03.අලපප්‍රාණ අක්ෂර (ශිථිලාක්ෂර) 

උච්චාරණයේදී මද වූ හුස්මක් නිකුත් කරන ශබ්ද  සහිත අක්ෂර අල්පප්‍රාණ අක්ෂර නම් වේ. 
ක  ච  ට  ත  ප
ග   ජ   ඩ   ද   බ

04.මහප්‍රාණ අක්ෂර (ධනිතාක්ෂර)

 උච්චාරණයේදී වැඩි හුස්මක් නිකුත් කරන ශබ්ද සහිත අක්ෂර මහප්‍රාණ අක්ෂර නම් වේ. 

ඛ  ඡ    ඨ    ථ   ඵ
ඝ  ඣ  ඪ   ධ   භ

05.නාසික්‍ය අක්ෂර (අනු නාසික්‍ය) 


නාසය උපකාර කොට උපදනා ශබ්ද නාසික්‍ය ලෙස හැදින්වේ.
 
ඬ  ඤ  ණ  න  ම

06.සඤ්ඤක අක්ෂර (අර්ධ අනු නාසික්‍ය ) 

ඟ  'ජ   ඬ   ඳ   ඹ

07.අර්ධ ස්වර(අන්ත:ස්ථාක්ෂර) 

ය  ර  ල  ව

08.අනුස්වාරය(නිග්ගහීනය/පූර්ණ නාසික්‍ය)

අං

09.විසර්ගය(විසර්ජනීය)

(අ):

10.ඝෝෂ අක්ෂර

උච්චාරණයේදී ඝෝෂයක් නගන්නා වූ ශබ්ද ඝෝෂ නම් වේ. 
ග  ජ   ඬ    ඟ
ජ  ඣ ඤ  'ජ
ඩ  ඪ   ණ   ඬ
ද   ධ   න    ඳ
බ  භ   ම    ඹ
ය  ර    ල    ව 
හ  ළ   අං

11.අඝෝෂ අක්ෂර 

උච්චාරණයේදී ඝෝෂයක් ඇති නොවන්නා වූ ශබ්ද අඝෝෂ නම් වේ. 
ක  ඛ    ජ 
ට   ඨ    ද
ත  ථ
ප   ඵ
ශ   ෂ   ස   ෆ   (අ):

උප්පත්ති ස්ථානය අනුව අක්ෂර වර්ග කිරීම

01.කණ්ඨජ අක්ෂර

ක බ ග ඝ ඞ ඟ හ (අ): අ  ආ

02.තාලුජ අක්ෂර 

ච ඡ ජ ඣ ඤ 'ජ ය ශ ඉ ඊ 

03. මූර්ධජ අක්ෂර 

ට ඨ ඩ ඪ ණ ඬ ර ෂ ළ සෘ සෲ

04.දන්තජ අක්ෂර 

ත ථ ද  ධ න ඳ ල ස ඏ   ඏෟ

05. ඕෂ්ඨජ අක්ෂර 

ප ඵ බ භ ම ඹ උ ඌ

06.කණ්ඨ තාලුජ අක්ෂර 

ඇ ඈ එ ඒ ඓ 

07.කණ්ඨ ඕෂ්ඨජ අක්ෂර 

ඔ ඕ ඖ 

08.දන්ත ඕෂ්ඨජ අක්ෂර 

ව ෆ




Post a Comment

0 Comments